අන්තර්ජාලය හරහා මෙහෙයවන පරිගණක අපරාධ (Cyber Crime) පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදය තීරණය කර ඇත.
එකී වැඩපිළිවෙළ යටතේ පාසල් දරුවන් පරිගණක අපරාධයකට නතු වුවහොත් ඊට අදාළව නීතිය මාර්ගයෙන් සැලසෙන ආරක්ෂණය පිළිබඳවත් දරුවන් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන පරිගණක අපරාධ හරහා ඔවුන්ට නීතියෙන් ලැබෙන දඬුවම් පිළිබඳවත් දැනුවත් කිරීමට කටයුතු කරන බව සංසදයේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණී කවිරත්න කීවාය.
‘‘කාලීන අවශ්‍යතාවක් වන ඩිජිටල් තාක්ෂණයේ දොරකඩ ඉන්න දරුවන්ට ඒ නිසාම අනතුරේ අවදානම වැඩියි’’ මේ පිළිබඳව සලකා දරුවන් දැනුවත් කිරීමට සංසදය තීරණය කළ බවක් මන්ත්‍රිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

