ජනාධිපතිවරයෙකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත් වූ විට ආණ්ඩුකාරවරුන් ඉවත්වීම, අගමැති ඉවත් වූ විට ඇමැති මණ්ඩලය අහෝසි වීමට සමාන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
එහෙත් වත්මන් ජනාධිපති පත්වූ පසු එම සම්ප්‍රදාය ඉටුකරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්නොවීම නිසා ඔවුන් ඉල්ලා අස්වන තෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.
එම නිසා පළාත් කිහිපයක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වීමට ජනාධිපති කාර්යාලය මගින් දැනුම් දී ඇත.
ඒ අතරට නැගෙනහිර, උතුර, සබරගමුව හා ඌව පළාත් ද ඇතුළත් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව පුරප්පාඩු වන ආණ්ඩුකාර තනතුරු සඳහා එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර, හිටපු අමාත්‍ය නවින් දිසානායක, හිටපු අමාත්‍ය දයා ගමගේ, හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග යන මහත්වරුනට ආණ්ඩුකාර ධුර ලබා දීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වෙයි.
එම ආණ්ඩුකාරවරුන් ඉවත් වූ පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු සිදුකිරීමට නියමිත ය.

