Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල් 3000ක් හේතුවෙන් බිලිගත් මනුෂ්‍ය ජීවිතය

4 years ago

රිදීමාලියද්ද දෙහිගම ප්‍රෙද්ශයේදි පුද්ගලයෙකු ඝාතනය කර ලදු කැලෑවක දේහය සඟවා තිබියදි සොයා ගැනීමට පොලීසිය සමත් වුණා.

ඝාතනයට සම්බන්ධ සැකකරුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මහියංගනය පරගම්මන ප්‍රෙද්ශයේ සිට පසුගිය තුන්වැනිදා රිදීමාලියද්ද දෙහිගම ප්‍රෙද්ශයට ගවයින් වෙළදාම සදහා පැමිණි පුද්ගලයෙකු අතුරුදන් වි ඇති බවට ඥාතීන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

එලෙස අතුරුදන්ව සිටියේ අවුරුදු 62ක් වයසැති මොහොමඩ් අබ්දුල් ෂාපූර් නමැති සිව්දරු පියෙක් වන අතර, ඒ වන විට ඔහු සතුව රුපියල් ලක්ෂ හතරක මුදලක් තිබි ඇති බව ද ඥාතීන් පොලීසියට පවසා තිබෙනවා.

ඒ අනුව රිදිමාලියද්ද පොලීසියේ මැදිහත් වීමෙන් පොලිස් නිල සුනඛයින්ද යොදාගනිමින් පරීක්ෂණ ආරම්භ කළා.අතුරුදන්ව සිටි පුද්ගලයා පැමිණි යතුරු පැදිය දෙහිගම උලැල්ල ප්‍රෙද්ශයේ කැලෑවක සගවා තිබියදි සොයාගත්තා.

වැඩිදුරටත් කළ විමර්ශනවලදි අනාවරණ වි ඇත්තේ එම පුද්ගලයා දෙහිගම ප්‍රෙද්ශයේ නිවසකට පැමිණ ඇති බවයි.

ඒ අනුව එම නිවසේ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි සිද්ධියේ සුළ මුල සොයා ගැනීමට පොලීසියට හැකිවුණා. එහිදි අනාවරණ වි ඇත්තේ අදාළ පුද්ගලයා ඝාතනය කර ප්‍රදේශයේ ලදු කැලැවක සැගවු බවයි.ඒ අනුව සැකකරුද සමග එම ප්‍රෙද්ශයට ගිය පොලීසියට ඝාතනය සදහා යොදාගත් කැත්ත, ඝාතනයට ලක්වු පුද්ගලයාගේ ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය සැකකරුගේ නිවස ආසන්නයේ වලදමා තිබියදි සොයාගැනීමට හැකි වී තිබෙනවා.

සැකකරුගේ පාපොච්චාරණයට අනුව රිදිමාලියද්ද උණගොඩකන්ද රක්ෂිතයේ කුඩා දොල පහරක සගවා තිබූ ඝාතනයට ලක් වු පුද්ගලයාගේ සිරුරද සොයා පොලීසිය ගත්තා.

37 හැවිරිදි සැකකරු පොලීසියට පවසා ඇත්තේ ඝාතනයට ලක් වු පුද්ගලයාගේ ගවයින් දෙදෙනෙක් තමන් බලාගන්නා බවත්, ඊට අදාළ කුලියෙන් රුපියල් 3000 ක් ඉල්ලු අවස්ථාවේදි ඇති වු බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පහරදීමක් සිදුකළ බවයි.

සිරුර ගොඩගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලීසිය සදහන් කළා.