Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුණ්‍ය භූමියෙන් පලා යෑමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට

4 years ago

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාව වෙත යාමට උත්සාහ කළ ළමුන් ඇතුළු පිරිසක් මන්නාරම ඉස්මොක්කන්තුරෙයි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුමක දී මුහුදු මාර්ගයෙන් ඉන්දියාව වෙත යාමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ අතර අවුරුදු 07 හා 14 හැවිරිදි වියේ පසුවන් පිරිමි දරුවන් දෙදෙනෙකු සහ 16 හැවිරිදි ගැහැණු ළමයෙකු ද වන බව සඳහන්.

ඔවුන් පළා යාමට උත්සාහ කළ යාත්‍රාව සහ ඉන්ධන මෙන්ම සෙසු උපකරණ ද නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.