Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට අධි පෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් හඳුන්වාදෙයි

4 years ago

කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නීය.

ඇය පෙන්වා දෙන්නේ එම වැඩපිළිවෙළ යටතේ පෙර පාසල් දරුවන් සඳහා අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් ලබාදීමට සැලසුම් කර ඇති බවය.

ලබන මාසයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

“අපි වැඩපිළිවෙලක් විදියට අලුතින්ම පටන් ගත්තා අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් පෙර පාසල් දරුවන්ට ලබා දීමට කටයුතු කරන්න. ඒ සඳහා සියල්ල සූදානම් කරමින් ලබන මාසේ වෙනකොට බෙදන්න ගන්නවා. ඊට අමතරව දරුවන්ට බිත්තරයක් වගේ පෝෂදායි ආහාර වේලකට අවශ්‍ය දේවල් අඩු මුදලකට ලබා දෙන්න කටයුතු කරනවා.”