Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුවන් පරිස්සම් කරගන්නා ලෙස සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලීමක්! නිවසේදීත් මුඛ ආවරණ පළඳින ලෙස උපදෙස්!

4 years ago

පවුලේ සාමාජිකයින් හෝ සිය සමීපතමයන් අතර උණ රෝගය පැතිර යන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ  ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඉන්ෆ්ලුවන්සා වෛසරය පැතිර යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් පවුලේ උණ රෝගීන් සිටින්නේ නම් නිවස තුළ වුවද මුව ආවරණ පැළඳිම වඩාත් යෝග්‍ය බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරනවා.

ඩෙංගු සහ ඉන්ෆ්ලුවන්සා රෝගවලට අමතරව දරුවන් අතර පාචන තත්ත්වයේ පැතිර යාමේ වැඩිවීමක්ද දක්නට ලැබෙන බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ.

උණසන්නිපාතය වැනි රෝගවල ඉහළ යාමක්ද අපේක්ෂා කළ හැකි බැවින් දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්නැයි මවුපියන්ගෙන් ඉල්ලීමක්ද කෙරුණා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් පවතින බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළා. දරුවන්ට උණ රෝගය පවතින්නේ නම් එය උත්සන්න වන තෙක් නිවසේ රැඳී නොසිටින ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.