අසැබි චිත්‍රපටයන්හි ඇති ලිංගික දර්ශන මෙන් හැසිරෙන ලෙස බිරිඳට බල කරමින් පහර දුන් සැමියකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලම්පිටිය පොලීසිය කියා සිටියේ ඊයේ (07) මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.
ඔහු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති අයෙක් වන අතර කාමුක චිත්‍රපට වලට ද දැඩි ලෙස ඇබ්බැහි වී ඇති අයෙක් ලෙස මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
සිය බිරිඳට එම චිත්‍රපටහි තිබෙන ලිංගික ඉරියව් යොදා ගනිමින් ඔහුගේ මිතුරන් සමඟ ද ඇයට ලිංගිකව එක්වන ලෙස බලකර ඇති බව සඳහන්.
සැමියාගේ පීඩනය දරාගත නොහැකිව බිරිඳ විසින් මේ සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

