ශ්‍රී ලංකාවට ලබා දෙන රැකියා කෝටාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජපානයේ සහ දකුණු කොරියාවේ බලධාරීන් සමග සිදු කළ සාකච්ඡා සාර්ථක බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ අනුව මේ වසර අවසානය වන විට එම අතිරේත රැකියා ප්‍රමාණය මෙරටට හිමිවනු ඇති බව එම කාර්යාංශය සඳහන් කරනවා.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා මැද පෙරදිග රටවල් කිහිපයක තානාපති අංශ සමඟ සාකච්ඡා සිදු කරන බව එම කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

