Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස්නාහිර පාසල්වලට විශේෂ චක්‍රලේඛයක්

4 years ago

ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගයෙන් පාසල් ළමුන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා පවසයි. 

ඔහු සඳහන් කළේ, ඊට අදාළ චක්‍රලේඛයක්  නිකුත් කරන බවයි.

ඩෙංගු අනු ඛණ්ඩ දෙකෙන් වැළඳුන ළමුන් වැඩිවශයෙන් වාර්තා වන බව, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. 

කැස්ස සහ සෙම්ප්‍රතිෂ්‍යාව පවතින දරුවන් සෞඛ්‍යාරක්ෂිතව නිවසේ රඳවා ගැනීම වඩාත් සුදුසු බව, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.