Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුද්ගලයින් තිදෙනෙකුගේ ඩී.එන්.ඒ වලින් දරුවෙකු උපත ලබයි

4 years ago

බ්‍රිතාන්‍යයේ ප්‍රථම වරට පුද්ගලයින් තිදෙනෙකුගේ ඩී.එන්.ඒ භාවිතයෙන් දරුවෙකු උපත ලබා තිබේ.

එහිදී දරුවාගේ මව සහ පියාගේ ඩී.එන්.ඒ වලට, පරිත්‍යාගශීලි කාන්තාවක් ලබා දුන් ඩී.එන්.ඒ 0.1% ප්‍රමාණයක් එක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය සිදු කර ඇත්තේ මයිටොකොන්ඩ්‍රිය රෝගවලින් (mitochondrial diseases) යුත් දරුවන් ඉපදීම වැලැක්වීමේ මුල් පියවරක් ලෙසයි.

මෙම දරු උපතත් සමඟ දරුවන් 5 දෙනෙකුට මෙසේ ඩී.එන්.ඒ භාවිතා කර උපත ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.