බැලුම්මහර ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් අතුරුදහන් වී තිබෙනවා.
තම දියණිය අතුරුදහන් වූ බවට දියණියගේ පියා යක්කල පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අතුරුදහන් වූ මෙම දියණිය ඊයේ අළුයම් කාලයේ සිට නිවසින් අතුරුදහන් වී ඇති බවයි පොලීසිය වපවසන්නේ.
සිදුවීම පිළිබඳව යක්කල පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

