Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තලංගම කැළඹූ ගුටි කෙළියේ තොරතුරු රැසක් හෙළිවෙයි! පහරදුන් නියෝජ්‍ය නගරාධිපති මුල්ලේරියාව රෝහලට! පහර කෑ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයා ජාතික රෝහලට!

4 years ago

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන පියත් නිකේෂලට කොස්වත්ත ප්‍රදේශයේ දී පහරදීමේ සිද්ධියට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස, අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන පියත් නිකේෂලට කොස්වත්ත ප්‍රදේශයේ දී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පසුගිය වසරේ මැයි 09 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව බේරේ වැවට ඇද දැමූ කඩුවෙල උප නගරාධිපතිවරයා සිටින වීඩියෝවක් සමාජ මාධ්‍යය තුළ පලකිරීම සම්බන්ධයෙන් පලිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය තමන්ට එල්ල කළ බව ප්‍රහාරයට ලක් වූ පියත් නිකේෂල පවසන්නේ.

මෙම ප්‍රහාරයට මන්නයක් ඇතුළු තියුණු ආයුධ භාවිතා කළ බවත් කඩුවෙල හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න ඇතුළු පිරිසක් සහභාගි වූ බවත් වැඩිදුරටත් ඔහු කියා සිටියේ.

මේ අතර, පහර කෑමට ලක්ව රෝහල්ගතව සිටි පියත් නිකේෂල ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, චන්දික අබේරත්න විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

මේ පිළිබඳව චන්දික අබේරත්න මහතා පැවසුවේ, තමන් මාලඹේ සිට කොස්වත්ත දෙසට පැමිණෙමින් සිටියදී පියත් නිකේෂල මහතා තමා අනතුරට ලක්කිරීමට උත්සාහ කළ බවය.

එම අවස්ථාවේ තමා නිකේෂලව හඳුනා නොගත් බවත් ඔහු තමන් අරගලයේ සමාජිකයෙකු බව පවසමින් තමාට බැන වැදුණු බවත් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

ඔවු පවසන්නේ, මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති වූ බවයි.

අත්අඩංගුවට පත්වූ කඩුවෙල හිටපු උපනගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.