Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මුහුණු පොතේ මල් කැකුළුවලට ලංසු තබමින් “නිලූ නිලූ” නමින් ෆේස්බුක් ආ පුද්ගලයාට වැඩ වැරදුණු හැටි

4 years ago

ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ කුඩා දැරියන් හිංසනයට ලක්වන ආකාරයෙන් ඔවුන්ගේ ඡායාරූප ඇතුළත් කළ පුද්ගලයෙකු පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාශයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යටවර වත්තේගම ප්‍රදේශයේ දීයි.

මෙම පුද්ගලයා ”නිලූ නිලූ” නමින් ව්‍යාජ ගිණුමක් සකස් කර එහි කුඩා දැරියන්ගේ ඡායාරූප පළකරමින් අසභ්‍ය සටහන් තබා තිබෙනවා.

පොලීසිය පවසන්නේ 40 හැවිරිදි මෙම සැකකරු පෞද්ගලික ආයතනයක ගිණුම් ලිපිකරුවෙක් ලෙස සේවය කරන අයෙකු බවයි.

මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා විවාහ දෙකක් සිදුකරගෙන දැනට දික්කසාද වී ඇති බවයි.

සැකකරු කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (10) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.