කලුතර ප්‍රදේශයේ ලැගුම්හලකට පැමිණි 16 හැවිරිදි පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අදාළ ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳ ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඊයේ (11) පස්වරුවේ ඇයව කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
ඇය කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි.
සැකකාර කාන්තාව එදින ලැගුම්හලේ සේවය කරමින් සිට ඇති අතර, වෙනත් වැඩිහිටි තරුණියකගේ හැඳුනුම්පතක් ලබාගෙන මියගොස් ඇති පාසල් සිසුවිය ලැගුම්හට ඇතුළත් කරගෙන ඇති බව සඳහන් ය.
ජාතික හැඳුනුම්පත නිසි පරීක්ෂාවකින් තොරව අනන්‍යතාව තහවුරුව කරගැනීමක් සිදුනොකර බාලවයස්කාර දැරියකට ලිංගික ප්‍රයෝජන ලබාගැනීම සඳහා පරිශ්‍රය ලබාදීමේ වරදට සැකකාරියව අත්අඩංගුවට ගෙන තිබේ.

