Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

ආරක්ෂාව තර කෙරේ! දිවයින පුරා දින හතරක දැවැන්ත පොලිස් මෙහෙයුමක්!

4 years ago

මුළු දිවයින ම ආවරණය වන පරිදි ඊයේ සවස 6 සිට ලබන 15 වැනි දා දක්වා විශේෂ අපරාධ මර්දන මෙහෙයුම් පවත්වන ලෙස පොලිස්පතිවරයා විසින් දිවයිනේ සෑම පොලිස් ස්ථානයකමටම නියෝගයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මෙම මෙහෙයුම හදිස්සියෙම ගත් තීන්දුවකට අනුව සිදුවන බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

ඊයේ උදෑසන සිට කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිතව යුද හමුදාව ද යොදා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය.

ඊයේ සවස සිට ලබන 15වැනි දා දක්වා වූ මෙම අපරාධ නිවාරණ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ඊට සමගාමීව බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.