Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

4 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කර අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු විය යුතු ප්‍රතිසංස්කරණ අධ්‍යයනය කිරීමේ පියවර හේතුවෙන් මෙම වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

පෙළපොත් වෙනුවට ඒකක (මොඩියුල) ක්‍රමය හඳුන්වා දීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබූ අතර එහි නියමු ව්‍යාපෘතිය ලෙස පාසල් එකසිය අටක් තෝරාගෙන ද තිබිණි. එම පාසල්වල එක, හය සහ දහය ශ්‍රේණිවල සිසුන් සඳහා ඒ ඒ විෂයයන්වලට අදාළ මොඩියුල සකස් කර ගුරුවරුන් පුහුණු කිරීමට ද පියවර ගෙන තිබූ අතර ඒකක සකස් කිරීම ආරම්භ කළේ මීට වසර හතරකට පමණ පෙර ය.

මෙම වාරයේ සිට එම පාසල්වල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ද ලැබී තිබිණි.  

ජනාධිපතිවරයාගෙ සභාපතිත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කරනු ලැබුවේ ඒ අතරය. අගමැති දිනේෂ් ගුණවර්ධන, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන, ආචාර්ය විජයදාස රාජපක්ෂ, අලි සබ්‍රි, වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර හා ජීවන් තොණ්ඩමන් යන ඇමැතිවරු එම කමිටුවට අයත් ය. 

මෙම අනුකමිටුව විසින් අගමැති ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විද්වත් කමිටුවක් පත් කරනු ලැබ තිබෙන අතර එම කමිටුවේ නිර්දේශ මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

2048 වසර වන විට සංවර්ධිත රටක් බවට පත් කිරීමේ ඉලක්කය මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද පදනම් විය යුතුය යන්න කැබිනට් අනුකමිටුවේ අදහස වී ඇත.(aruna)