Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරුණියන් අතුරුදහන් වීමේ සිදුවීම් දාමයට තවත් එක් සිදුවීමක් එක් වෙයි! බෙන්තරත් 15 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදහන් වෙයි!

4 years ago

බෙන්තොට, සිංහරූපාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15යි මාස 2ක් වන පාසල් සිසුවියක් අතුරුදන්ව තිබෙනවා.

ඇයගේ මව බෙන්තොට පොලිසියට පසුගිය 12 වනදා පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ඇත්තේ සිය දියණිය සංචාරක හෝටලයක රැකියාවක නිරත තරුණයෙකු සමඟ ප්‍රේම සබඳතාවක් ඇති බවට තමන්ට දැන ගැනීමට ලැබුණු බවයි.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් පසුගිය 10වනදා සිය දියණියට අවවාද කළ බවද ඇයගේ මව විසින් පොලිසියට පවසා තිබෙනවා.

ඉන් අනතුරුව තමන්ට අසනීප යැයි පවසා දින 2ක් එම සිසුවිය පාසල්ද ගොස් තිබුණේ නැහැ.

පසුගිය සිකුරාදා(12) දහවල් තමන් සෙසු දරුවන් දෙදෙනා පාසලෙන් රැගෙන ඒමට නිවසින් පිටව ගොස් යළි පැමිණිමේදී සිය දියණිය නොසිටි බවයි මව විසින් පොලිසියට පවසා ඇත්තේ.

තමන් තරුණයෙකු සමඟ බසයකට නැග අතුරුවැල්ලෙන් බසයෙන් බැස ගිය බව එම සිසුවිය විසින් ඇගේ මිතුරියක් වෙත දුරකථන ඇමතුමක් ලබා දී දැනුම් දී ඇති බවද මව පොලිසියට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති එම පාසල් සිසුවිය සහ මීගමුව බටහිර ඇල ඉවුර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයා සොයා බෙන්තොට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.