ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දීම් කරන ලද ආණ්ඩුකාරවරුන් එම ධූරවලින් ඉල්ලා අස්වීමට අදාළ ලිපි මේ වන තෙක් බාර දී නොමැති බව වාර්තා වෙයි.
අධිකරණ ක්ෂේත්‍රයේ හිටපු ප‍්‍රබලයෙකු සමග සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම සඳහා ධුරවලින් අස්වන ලෙස පළාත් හතරක ආණ්ඩුකාරවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දී දැනට දින කිහිපයක් ගත වුවද ඔවුනගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වීම හේතුවෙන් නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම දිගින් දිගටම කල් යමින් පවතිනවා.

