වවුනියාව, නීලියාමොටෙයි ප්‍රදේශයේදී වෙඩිවැදීමෙන් මිය ගිය තරුණයෙකුගේ සහ එක්දරු මවකගේ සිරුරු දෙකක් ඊයේ (13) දින සොයාගත් බවට පරයානන්කුලම් පොලීසිය පවසයි.
අදාල මළසිරුරු පරික්ෂා කරන ලද පොලීසිය සැක පලකර සිටියේ මිය ගොස් සිටින තරුණයා විසින් එක්දරු මවට වෙඩිතබා තරුණයාද වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවටයි.
මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂා ධීවර කර්මාන්තයේ නිරත වීම සඳහා රාත්‍රියේ නිවසින් පිටව ගොස් 13 පෙරවරුවේ නිවසට පැමිණි අවස්ථාවේ සිය බිරිඳ මියගොස් සිටිනු දැක ඒ පිළිබඳ පොලිසියට දැනුම් දෙනු ලැබීය.
පසුව පොලීසිය විසින් අදාල ස්ථානයට පැමිණ පරික්ෂණ සිදුකිරීමෙන් පසුව වෙඩිතැබීම සිදුකරන ලද පුද්ගලයා සොයා පරික්ෂණ සිදුකිරීමේදී අදාල තරුණයාද පදිංචිව සිටි ප්‍රදේශයේ හින්දු කෝවිලක් ඉදිරිපිටදී වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන සිටියදී මළසිරුර පොලීසිය විසින් සොයාගනු ලැබීය.
අදාල මරණයන් පිළිබව පරික්ෂණ සිදුකරනු ලැබූ පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත්තේ මෙම සැකකාර තරුණයා සහ එක්දරු මව විවාහ වීමට පෙර ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර පසුව කාන්තාව වෙනත් පුද්ගලයෙක් හා විවාහ වීම හේතුවෙන් ඇය මෙම තරුණයා සමඟ පැවැති සම්බන්ධතාවය නැවත්වීම හේතුවෙන් තරුණයා විසින් අදාල කාන්තාවට නිතර කරදර කර ඇති බවටය.
කෙසේ වෙතත් මෙම කාන්තාව දිගින් දිගටම තරුණයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කෝපයට පත් තරුණයා විසින් ගිනිඅවියක් ගෙන මෙම කාන්තාවගේ නිවසට පැමිණ වෙඩිතබා කාන්තාව ඝාතනය කොට පසුව මෙම තරුණයාද වෙඩිතබා ගනිමින් සියදිවි හානිකරගෙන ඇති බවටය.
–වන්නි රොමේෂ් මධුෂංඛ-

