Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

mahinda rajapaksha & ranil wickramasinghe

මහින්ද රාජපක්ෂට යළි අග්‍රාමාත්‍ය ධූරය ලබා දීම සම්බන්ධයෙන් නාමල්‍ රාජපක්ෂගෙන් හා පොහොට්ටුවෙන් ප්‍රකාශ

4 years ago

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයෙන් ඉවත්වූවේ මහජන කැමැත්ත අනුව බවත් ඔහු නැවත නායකත්වයට පත්වන්නේද මහජන කැමැත්ත මත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එම නිසා පොලිස් බලයෙන් අගමැති වීමට බලාපොරොත්තුවක් නැතැයි ද කීවේය.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුර සඳහා පත්කිරීම සඳහා සූදානමක් පවතින බවට පැතිර යන කටකතාවේ සත්‍යයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ එම අසත්‍ය ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවය.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යළි අග්‍රාමාත්‍ය ධුරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පත්කරන ලෙස කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම පක්ෂයේ මහලේකම්වරයා පැවසීය.