Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජූලි මාසයේ සිට විදුලි බිල අඩුවීමට නියමිත ප්‍රතිශතය පිළිබඳ අනාවරණයක්

4 years ago

විදුලිබල මණ්ඩලය ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සකස් කළ විදුලි ගාස්තු යෝජනාව ඊයේ පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව සියයට 3 ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමට යෝජනා කර ඇති බවයි විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ විදුලි ජනන දත්ත සහ විකුණුම් දත්ත, ඉන්ධන, ගල් අඟුරු සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිල ගණන් මෙන්ම මෙම වසරේ විදුලි ජනන සැළසුම හා අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් එම යෝජනාව සකස් කර ඇති බවයි.

කෙසේ වෙතත්, විදුලි නිෂ්පාදනය සඳහා දැරීමට සිදුවන වියදම් මේ වනවිට පහත වැටී තිබෙනවා.

ඩීසල්, පෙට්‍රල්, ගල් අඟුරු මිල ද පහත වැටී ඇති අතර, විදුලි ඉල්ලුම ද සියයට 18 කින් පමණ අඩු වී ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

ඒ අනුව, පවතින තත්ත්වය හමුවේ සියයට 20ක විදුලි ගාස්තු අඩු කිරීමක් සිදු කළ හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පසුගියදා සඳහන් කළා.