Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lankan passport

පාස්පෝට් ලබාදෙන ක්‍රමවේදයේ වෙනසක්

4 years ago

ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැවති පූර්ව දින වෙන් කිරීමේ ක්‍රියාවලියේ ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් මත නතර කර දැමීමෙන් දින කිහිපයක සිට දැඩි තදබදයක් නිර්මාණය වී ඇත.

මෙම දැඩි තදබද තත්ත්වය මත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සියලුම ජනතාව කඩිනමින් පරිශ්‍රය ඇතුළට ගන්නා බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය අද (18) සදහන් කරයි.

එළඹෙන ජූනි මාසයේ සිට ගුවන් ගමන් බලපත්‍ර ලබාගන්නා ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බවත් ජනතාව රවටන තැරැව්කරුවන් යම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවද ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සදහන් කරයි.

තවද විදෙස් ගමන් බලපත්‍රය තැපැල් දෙපාර්තමේන්තුව හරහා අදාළ පුද්ගලයින් වෙත ලබාදීමට මුලික වැඩකටයුතු මේ වනවිට සුදානම් කර ඇති බවද ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සදහන් කරයි.

පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය තවදුරටත් සදහන් කළේ,

“අද දින සිට මෙතෙනට එන කිසිදු තැනැත්තෙක් අපි එළියේ තියන්නේ නෑ. ඒ සියලුදෙනා පරිශ්‍රය ඇතුළට කඩිනමින් ගන්නවා. මොකද එළියේ හිටියාම තමා මෙවැනි තැරැව්කරුවන්ට අහුවෙන්නේ. අපි ජුනි මාසයේ පටන් ගන්න වැඩපිළිවෙලේදී එළියට නෙමෙයි කොළඹ ගෙන්න ගන්නෙත් නෑ. අපි දින තුනක් ඇතුළත ඔබගේ ගමන් බලපත්‍රය රජයේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඔබ වෙතට ලබාදීමට මුලික වැඩකටයුතු සුදානම් කරලා තියෙනවා.”