සාමණේර හිමිනමකට ලිංගික අපයෝජන සිදුකළ බවට විහාරාධිපති හිමිනමක් සැකපිට සූරියවැව පොලීසිය මඟින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ සූරියවැව – රන්මුදු වැව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනමක් බව වාර්තා වේ.
විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි කුඩා සාමණේර හිමිනමකට සැකකාර හිමිනම විසින් බරපතළ ලිංගික අපයෝජන සිදුකළ චෝදනාවට මෙම විහාරාධිපති හිමිනම අත්අඩංගුවට ගෙන තිබේ.
ලිංගික අපයෝජනට ලක් වූ සාමණේර හිමිනම මේ වනවිට ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකාර හිමිනමකට එරෙහිව ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධ පැමිණිලි රැසක් පවතින අතර මෙම හිමිනමට එරෙහිව හම්බන්තොට මහා අධිකරණය හමුවේ බල වයස්කාර දැරියන් අපයෝජනය කිරීමට අදාළ නඩු දෙකක් ද විභාග වෙමින් පවතින බව සඳහන් වේ.

