සමෘද්ධි ව්‍යාපාරය අහෝසි කීරීමට කටයුතු කරන්නේ නම් තමන් ආණ්ඩුව තුළ නොරැඳෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා කියා සිටියේ සමෘද්ධිය අඩු අදායම්ලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධනයට මනා පිටිවහලක් බැවින් එය රැකගැනීම සඳහා ඕනෑම කැපවීමක් සිදු කිරීමට තමන් සුදානම් බවයි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද සඳහන් කර සිටියේ රජය සමෘද්ධි සහානාධාරය කප්පදු කිරීමේ වෑයමක නිරත වන බවය.
එමෙන්ම පසුගියදා කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබුනේ සමෘද්ධි සහනාධාරය සුදුසු පුද්ගලයින්ට ලැබී නොමැති බවයි.
ඒ අනුව සමෘද්ධි සහනාධාරය ලබා දීමේ විවිධ විශමතා පවතින බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

