Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පිතිකරුවන්ගේ සුපිරි පිතිහරඹය හා මතීෂ පතිරණ ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම චෙන්නායි පිලට අවසන් පූර්ව වටයේ දොරගුළු විවර කරයි

4 years ago

රුටුරාජ් ගයික්වඩ්ගේ හා ඩෙවෝන් කොන්වේගේ අර්ධ ශතක හා පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ  ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 77 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට චෙන්නායි සුපර් කණ්ඩායම අද(20) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 223 ක් රැස් කිරීමට සමත් විය.

පළමු කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 141ක සබඳතාවක් ගොඩ නැගීමට රුටුරාජ් ගයික්වඩ් හා ඩෙවෝන් කොන්වේ සමත් විය. ගයික්වඩ් ලකුණු 79(50) ක් හා කොන්වේ ලකුණු 87(52) ක් රැස් කරමින් චෙන්නායි ඉනිම ශක්තිමත් කළේය.

ශිවම් ඩූබේ ලකුණු 22(9) ක් හා රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 20(7) ක් රැස් කළා. පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ්, අන්රික් නොකියා හා චේතන් සාකරියා කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 224 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි.

ඩේවිඩ් වෝනර් පන්දු 58 කින් ලකුණු 86 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර7 ක් සමගිනි. දිල්ලි කණ්ඩායමේ වෙනත් කිසිදු පිතිකරුවෙකුට සාර්ථකවීමට චෙන්නායි පන්දු යවන්නන්ගෙන් ඉඩ හසර විවර වූයේ නැත.

පන්දු යැවීමේ දී දීපක් චහාර් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 22 ක් ලබා දෙමින්. මතීෂ පතිරණ ලකුණු 22 කට කඩුලු 2ක් හා මහීෂ් තීකෂණ ලකුණු 23කට කඩුලු 2ක් බිඳ හෙළීමා සමත් විය.