රෝගී දරුවන් දෙදෙනෙකු සමග අසරණ වූ මවක් පිළිබඳ පුවතක් අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්තා විය.
රෝගී දරුවන්ට ප්‍රතිකාර කිරීමට සහ පෝෂණය කිරීමට ආදායම් මාර්ගයක් නොමැතිව ඇය මේ වනවිට පත්වී ඇත්තේ දැඩි අසීරුතාවකටය.
මැදවචිචිය පාඩිග්ගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරංගා සුමුදු 07 හැවිරිද සහ 05 හැවිරිදි දියණියන් දෙදෙනෙකුගේ මවකි.
නමුත් මේ දරුවන් දෙදෙනාටම අපස්මාර රෝගය වැළඳි තිබේ.
දරුවන්ගේ රෝගී තත්ත්වය නිසා සුමුදුගේ සැමියාත් ඇයව අත්හැර ගොස් ඇති අතර රෝගී දරුවන් දෙදෙනාද සමගින් සුමුදු මේ වනවිට ගතකරන්නේ අතිශය දුෂ්කර ජීවිතයකි.
දරුවන් පෝෂණය කිරීමටවත් ඇයට ආදායම් මාර්ගයක් නොමැති නිසා ඇය දැඩි අසීරුතාවට පත්වී සිටී.
පරිත්‍යාගශීලියෙකුගේ දායකත්වයෙන් ඇයට කුඩා නිවසක් ඉදිකර දුන්නත් විදුලිය, ජලය සහ සනීපාරක්ෂක පහසුකම් කිසිවක් එහි නොමැත.
එවැනි අසීරුතා මැදවුවත් දිරිය සම්පන්න සුමුදුගේ අපේක්ෂාව කෙසේ හෝ දරුවන් සුව කරගැනීමටය.
ඇය ඉල්ලා සිටින්නේ දරුවන්ගේ රෝගී තත්ත්වයන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීමට හැකි කෙනෙකු තමන්ට උපකාර කරන ලෙසටය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්. සී. මලවිආරච්චි මහත්මිය පැවසුවේ මෙම රෝගී දරුවන් දෙදෙනා සහ මව සඳහා අඛණ්ඩව ආධාර කළ හැකි යම් කෙනෙකු සිටි නම් එය මහත් කුසල කර්මයක් බවය.
-adaderana-

