Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනතාවට උපදෙසක්

4 years ago

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 57ක් අධි අවදානම් කලාප ලෙස නම් කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු කර තිබෙනවා.

සතියකට ඩෙංගු රෝගීන් 2000ක් පමණ වාර්තාවන බවයි එම ඒකකයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පවසන්නේ ඩෙංගු මරණ වළකා ගැනීමට නම් ජනතාව විසින් ඒ සඳහා දක්වන උනන්දුව ඉතා වැදගත් බවය.

ඩෙංගු අධි අවදානම ගැන අදහස් දැක්වූ ඒ මහතා,
“මේ දක්වා වැඩි පිරිසක් වාර්තා වෙලා  තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්, ඊළඟට කොළඹින්, ඊළඟට කළුතරින්. එතකොට හොඳටම පැහැදිලි අධි අවදානම කොහෙද තියෙන්නේ කියලා. ඒ කියන්නේ බස්නාහිර පළාතේ. ඊට අමතරව නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලත්, වයඹ පළාතේ පුත්තලමව වගේ දිස්ත්‍රික්කවලත් මේවන විට ඩෙංගු අධි අවදානම් කලාප පිළිබඳව අපට කතාකරන්න සිදුවෙලා තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාල ලංකාවේ 370ක් තියෙනවා. එයින් 59ක් වගේ ප්‍රමාණයක් අධි අවදානම් කලාප ලෙස මේ වනවිට හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ 17%ක් අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල. ඒක එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. අද දැන් මේ වෙනකොට මරණ මේ අවුරුද්ද තුළ 23ත් 24ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තා වෙලා තියෙන මරණවලින් පවා අති බහුතරයක් වාර්තා වෙන්නේ ප්‍රමාදවෙලා රෝහල් ගතවීම හරහා. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් ලොකු වගකීමක් තියෙනවා පළවෙනි, දෙවැනි දවස වෙනකොට උණ පාලනය වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් හමුවෙලා, වැඩිය හොඳයි රජයේ රෝහලකට ගිහිල්ල අවශ්‍ය ප්‍රතිකාර ගන්න.”