ලංගම පාසල් වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව 25%කින් පමණ ඉහළ දැමීමට තමන් තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ අම්පාර ප්‍රදේශයේ ඩිපෝ සඳහා නව ලංගම බස් රථ බෙදාදීමේ අවස්ථාවකට සම්බන්ධවෙමින්.
මෙම ගාස්තු ඉහළ දැමීමට අදාලව යෝජනාවක්ද ඉදිරිපත්කර ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.
සිසු සැරිය වැඩසටහන සඳහා රජය මේ වන විට ඉතා ඉහළ වියදමක් දරන බැවින් පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශ පත් ගාස්තුවෙන් තුනෙන් එකක් දෙමව්පියන් විසින් දැරිය යුතු බවත් ඉතිරි තුනෙන් දෙක රජය දරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
පාසල් ප්‍රවාහන බස් රථ නැති කරගන්නවාද, නැතිනම් තව දුරටත් පවත්වාගෙන යනවාද යන්න තීරණය වන්නේ මෙම ගාස්තු වැඩි කිරීම මත බවයි එම උත්සවයට සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා වැඩි දුරටත් දන්ව සිටියේ.

