Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුවා පොළොවේ ගසා වස පානය කළ පියා අත්අඩංගුවට

4 years ago

තම තුන් හැවිරිදි දරුවා උස්සා පොලවේ ගැසූ බව කියන පියකු අවිස්සාවේල්ල ඉහල තල්දූව ප්‍රදේශයේ දී අද(22) අත් අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසනවා.

මෙම සැකකරු දරුවා පොලොවේ ගැසීමෙන් පසු බිරිද ඉදිරිපිටට ගොස් වස පානය කර ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් දරුවා සහ සැකකරු දෙදෙනාවම අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝහල් ගත කල සැකකරු මූලික ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු රෝහලෙන් පිටව පලා යමින් සිටියදී අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

අනතුරට පත් දරුව‍ා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ රිජ්වේ ආර්යා රෝහලට ඇතුලත් කල බව පොලීසිය සඳහන් කළා.