Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැලේසියාවේදී ශ්‍රී ලාංකික එක්දරු මවක් මරුට

3 years ago

සංචාරක වීසා බලපත්‍රයක් මත මැලේසියාවට ගොස් එහිදී රැකියාවක නිරතවූ බව කියන 44 හැවිරිදි කාන්තාවක පසුගිය 23 වන දින රාත්‍රියේ එරට තට්ටු ගොඩනැගිල්ලකින් ඇද වැටී මරණයට පත්ව ඇති බව වාර්තාවේ.

මෙසේ මියගොස් ඇත්තේ කොබෙයිගනේ පදිංචිව සිටි මාකලන්දනගේ දොන් රේණුකා නිලන්ති බණ්ඩාර නමැති 44 හැවිරිදි විවාහක එක් දරු මවකි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ජාඇල ප්‍රදේශයේ  විදේශ රැකියා සපයන්නෙකු මාර්ගයෙන් ඇය සංචාරක වීසා මත මැලේසියාව බලා ගොස් ඇති බව වාර්තා වේ.