2021-2023 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට ක්‍රීඩා කළ රටවල් 9 සදහා ලබා දෙන ත්‍යාග මුදල් ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් අද නිවේදනය කළා.
එම රටවල් 9 අතරේ ඇමරිකානු ඩොලර් මිලියන 3.8 ක මුදලක් හෙවත් රුපියල් කෝටි 114 ක පමණ මුදලක් බෙදා දීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම සඳහා එම ඇමරිකානු ඩොලර් මිලියන 1.6 මුදලක් හෙවත් රුපියල් කෝටි 48 ක පමණ මුදලක් ද, අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඩොලර් 800,000 ක මුදලක් ද පිරිනැමීමට නියමිතය.
මෙවර ශූරතාවලියේදී තෙවැනි ස්ථානය හිමි කර ගත් දකුණු අප්‍රිකාවට ඩොලර් 450,000 ක මූල්‍ය ත්‍යාගයක්ද, සිව්වැනි ස්ථානය දිනා ගත් එංගලන්තයට ඩොලර් 350,000 ක මූල්‍ය ත්‍යාගයක් ද හිමි වීමට නියමිතය.
තරගාවලියේ 5වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකාවට ඩොලර් 200,000 ක මුදලක් හෙවත් රුපියල් කෝටි 6 ක පමණ මුදලක් ත්‍යාග මුදල වශයෙන් හිමි වේ.
අවසන් ස්ථාන 4 දිනාගත් කණ්ඩායම් සඳහා ඩොලර් 100,000 බැගින් පිරිනැමීමට නියමිතයි.
මෙවර ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි 7 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේදී ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

