Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිස්ත්‍රික්ක රැසකට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

3 years ago

උතුර, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මන්නාරම, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද දිනයේදී එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි.

එමෙන්ම ගතවූ පැය විසිහතරේ උපරිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 35.7 ක අගය මුලතිව් සහ පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා.

සෙල්සියස් අංශක 14 ක් වූ අඩුම උෂ්ණත්වය වාර්තාවී ඇත්තේ නුවරඑළියෙන්.