සිය මිත්තණියගේ ගෙළ පිහියකින් කපා ඝාතනය කර ඇයගේ සිරුර කැළයක් වෙත ඇදගෙන ගොස් දැමු බව කියන මුණුපුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන තරුණයෙක් බවයි බදුරලිය පොලිසිය සඳහන් කළේ.
මෙසේ මිය ගොස් ඇත්තේ බදුරලිය, හැඩිගල්ල ජනපදය, බොල්ලුන්ත ප්රදේශයේ පදිංචිව සිටි ලීලාවතී වික්රමසිංහ නැමැති කාන්තවක්.
මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව සැකකරු පදිංචි නිවසේ පදිංචිව සිට ඇති අතර, ඇය විසින් තම මවට කරදර කරන බව පවසා සැකකාර මුණුපුරා මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මිය ගිය කාන්තාව පසුගිය දින කිහිපයේ රෝහල් ගතව සිට 25 වැනිදා නිවසට පැමිණ තිබූ අතර ඇයගේ ප්රතිකාර කටයුතු සඳහා මවට මුදල් වියදම් වන බවට සැකකරු උරණව මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
උත්සවයකට සහභාගී වී මත්පැන් පානය කර නිවසට පැමිණ තිබූ සැකකරු නිවස තුළ සිටි මිත්තණියට පිහියකින් පහර දී අනතුරුව අසල කැළයක් වෙත ඇදගෙන ගොස් දමා තිබෙනවා.
සැකකරු ඝාතනයට යොදගත් තියුණු ආයුධය ද පොලිසිය මඟින් සොයාගෙන ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවයි වාර්තා වන්නේ.
