Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බුදු දහමට අපහාස කළ නතාෂා රටින් පනිද්දී මාට්ටු වෙයි

3 years ago

බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අගෞරවනීය ලෙස ප්‍රකාශකයක් සිදුකළා යැයි කියනු ලබන නතාෂා එදිරිසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද(28) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මෙරටින් පිටවීමට උත්සාහ කිරීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී යි.

අත්අඩංගුවට ගත් සැකකාරිය පරිඝණක අපරාධ විමර්ශන අංශය වෙත ඉදිරි විමර්ශන කටයුතු සඳහා බාර දී තිබෙනවා.

“මෝඩාභිමානය” නමින් සංවිධානය කර තිබූ වැඩසටහනකදී ඇය විසින් සිදුකරනු ලැබූ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජය තුල කතාබහක් ඇති වී තිබූ අතර විවිධ පාර්ශවයන් විසින් එම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විවේචනාත්ම මතයන් පළකරනු ලැබුවා.