මෙවර IPL තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා සම්මානය(Emerging Player Award) සඳහා ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගේ නාමයන් වී යෝජනා වී තිබෙනවා.
ඒ චෙන්නායි සුපර් කිංගිස් කණ්ඩායම නියෝජනය කරන මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණයි.
ප්‍රේක්ෂක මත විමසුමේ ප්‍රතිඵල හා රූපවාහිනී විස්තර විචාරකයින්ගේ නිර්දේශ මත නැගී එන ක්‍රීඩකයා තෝරා ගැනීමට නියමිතය.
ඒ වෙනුවෙන් වූ ජන්ද විමසීමේදී 23% කට ආසන්න අගයක් ලබා ගනිමින් මතීෂ පතිරණ මේ වන විට එම ලැයිස්තුවේ වැඩිම මනාප ප්‍රතිශතයක් හිමි කරගත් ක්‍රීඩකයා බවට පත්ව ඇති අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට මෙවැනි අවස්ථාවක් උදා වන්නේ ඉතිහාසයේ පළමුවෙනි වතාවටයි.
