වෛද්‍යවරු දරුවා මිය ගිය බව පැවසුව ද, එය පිළිනොගත් පියකු විසින් දරුවාගේ මළ සිරුර ද රැගෙන පලාගොස් තිබෙන පුවතක් නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ආබාධිත දරුවකු රැගෙන නුවරඑළිය රෝහලට පැමිණි පුද්ගලයකු දරුවාට අසනීප තත්ත්වයක් තිබෙන බව වෛද්‍යවරුන්ට පවසා තිබෙනවා.
වෛද්‍යවරුන් විසින් එම දරුවා පරික්ෂා කිරීමේදී දරුවා මිය ගොස් ඇති බව තහවුරු වී තිබුණෙන් එම දරුවා මිය ගොස් ඇති බව එම පියාට වෛද්‍යවරු පවසා ඇති බවයි ඔවුන් පවසන්නේ.
අනතුරුව එම පියා වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ “මේ වගේ අසනීප දරුවාට නිරතුරුවම හැදෙනවා” යනුවෙන්.
පසුව ඔහු දරුවාගේ සිරුර රැගෙන රෝහලෙන් පලා ගොස් තිබෙන බවයි වෛද්‍යවරු පවසන්නේ.
ඔහු අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කොට තිබෙනවා.
