බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන ලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අද(28) අළුයම අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සැකකාරිය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

