රාජාංගනයේ සද්ධාරතන හිමි සම්බන්ධව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් අරඹා ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ මවට බැණ වදිමින් උන්වහන්සේ විසින් නිකත් කර තිබෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින අතර, විමර්ශන සිදුවන්නේ ඒ සම්බන්ධයෙන් බවට ඇතැම් සමාජ ජාල වාර්තා පළ වී ඇත.
නමුත් ආගමික සංහිඳියාවට හා බුද්ධ ශාසනයට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන සිදු වන බවයි පොලිස් ආරංචිමාර්ග පවසන්නේ.
ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබෙන ආකාරය, මේ වන විටත් විමර්ශන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබේ.

