Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නතාශාගේ ප්‍රකාශය හේතුවෙන් නිශ්ශංකට රටින් පිටවෙන්න නොදී රඳවා තබා ගැනීමට දැනුම්දෙයි

3 years ago

තමන්ට විදේශගත වීමට ඉඩ නොදී රඳවා තබාගන්නා ලෙස ගුවන්තොටුපල පොලීසියට රහස් පොලිසිය විසින් දැනුම් දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ගෝලීය ශ්‍රී ලංකා කොංග‍්‍රසයේ නායක මංජු නිශ්ශංක මහතා සඳහන් කරයි.

අධිකරණ නියෝගයක් හෝ නොමැතිව මෙම කටයුත්ත සිදු කරමින් ඇත්තේ තමන් මෙම සතියේ එංගලන්තය බලා යාමට නියමිතව තිබූ ගමන වැළැක්වීමට බවයි ඔහු පවසන්නේ.

Xpress Pearl නෞකා අනතුරේ වන්දි මුදල සම්බන්ධයෙන් පුවත් අඩවියකට එරෙහිව එක්සත් රාජධානියේ ගොවු කර ඇති නඩුවට පෙනී සිටීමට තමන් එංගලන්තයේ යාමට සැලසුම් කර තිබූ බවත් ඔහු පැවසීය.

මෙම නැව් අනතුරෙන් අල්ලස් ගත් පුද්ගලයන් හෙලිවීම වළක්වාගැනීමට උවමනා පිරිස් වෙතින් මෙම සැලසුම ක්‍රියාත්මක කරමින් සිටින බව ඔහු සඳහන් කරනවා.