Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මේවා කන්නේ බලාගෙනයි! ආසනික් අඩංගු බවට හෙළි වූ ඔබ නිරන්තරයෙන් ආහාරයට ගන්නා ආහාර මෙන්න!

3 years ago

කරවල, හාල්මැස්සන්, පළතුරු ආනයනයේදී බැර ලෝහ සහ ආසනික් මට්ටම් පරීක්ෂා කිරීමත් ආනයනික පළතුරුවල අඩංගු බැර ලෝහයක් වන ඊයම් ප්‍රතිශතය පරීක්ෂා කිරීමත් ජුනි 01 වනදා සිට අනිවාර්ය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ආනයනය කරන කරවල, හාල්මැස්සන්, පළතුරු ඇතැම් තොගවල බැර ලෝහ සහ ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගුවන බව හෙළිවීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සිදුකළ 2021-2022 කාලය තුළ ක්‍රියාත්මක කළ ජාතික ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයේද දී මේ බව අනාවරණය වී තිබෙනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රජාවට හෝ පාරිභෝගිකයින්ට වැඩි විස්තර විමසීම සඳහා විශේෂ දුරකථන අංකයක් ද ආහාර පාලන ඒකකය විසින් හඳුන්වා දෙනු ලැබ තිබෙන අතර එම අංකය වන්නේ 0112112718 යි.