Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුප්‍රසිද්ධ youtube නාලිකාවක් වන SL Vlog හිමිකරු බෲනෝ දිවාකර අත්අඩංගුවට

3 years ago

SL Vlog youtube චැනලයේ වත්මන් හිමිකරු වන මාධ්‍යවේදී බෲනෝ දිවාකර අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා පරිගනක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ සිය ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුවයි.

නටාෂා එදිරිසූරියගේ සිද්ධිය සම්බන්ධයෙන් බෲනෝ පසුගිය දවසක මාධ්‍යය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා සිටියේ තමන්ට සහ තම ආයතනයට එල්ලවන චෝදනා අසත්‍යය බවයි. ඕනෑම අවස්ථාවක ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඔහු එහිදී පවසා සිටියා.

වත්මන් ආර්ථික හා දේශපාලනික ව්‍යාකූල බව යටපත් කිරීමට මෙවැනි මාතෘකා මතු කරන බවයි එහිදී ඔහු පවසා සිටියේ.