තමන්ට සිදුකළ අපහාසය සඳහා වන් වන්දි ගෙවන ලෙස පවසමින් ආරක්ෂක මණ්ඩල ප්රදානය හිටපු හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට නීතිඥයකු මාර්ගයෙන් ලිපියක් යොමුකර තිබේ.
ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයකට ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධ බවට ‘නවය සැඟවුණු කතාව ග්‍රන්ථය’ එළි දැක්වීමේ උත්සවයේ දී විරවංශ මන්ත්‍රීවරයා අසත්‍ය චෝදනා එල්ල කළ බව ද එම ලිපියේ දැක්වේ.
එමෙන්ම රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනක දී මෙන්ම තවත් අවස්ථා කිහිපයකදී ද මන්ත්‍රීවරයා මෙවන් අසත්‍ය ප්‍රකාශ කළ බව නීතිඥවරුන් සිය ලිපිය මගින් කියා සිටියි.
අදාල මන්ත්‍රී වන්දි මුදල නොගෙවන්නේ නම් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අදාළ ලිපිය මගින් තවදුරටත් දන්වා ඇත.

