Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මතීෂට හා දුෂාන්ට අද තරගයේදී එක්දින වරම්

3 years ago

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමග ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

අද ඇරඹෙන එක්දින තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඊයේ(01) පැවැත් වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

සිම්බාබ්වේහීදී එළඹෙන 18 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය යොදා ගන්නා බැවින් මෙම තරගාවලියේදී කණ්ඩායම සදහා සංයුති කිහිපයක් අත්හදා බැලීමට බලාපොරොත්තු වන බව දසුන් ශානක වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම අද තරගයේදී අයි.පී.එල් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ මතීෂ පතිරණට මෙන්ම පා දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්තට එක්දින වරම් හිමිවීමටවැඩි ඉඩකඩක් පවතින බවද ඔහු සඳහන් කළා.

දුෂාන් කණ්ඩායමට එක්වීමට නියමිතව ඇත්තේ ආබාධයකට ලක්ව සිටින වනිදු හසරංග වෙනුවටයි.