Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජංගම දුරකථන ඇතුළු විදුලි උපකරණ මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුබ ආරංචියක්

3 years ago

ජංගම දුරකථන, ශීතකරණ, විදුලි පංකා, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ නීති ලිහිල් කීරිම නිසාවෙන් ඉදිරියේදී ජංගම දුරකථන හා අනෙකුත් විදුලි උපකරණවල මිල සැලකිය යුතු පහත යනු ඇති බවට විදුලි උපකරණ ආනයනකරුවන් පවසනවා.

මහ බැංකුව විසින් භාණ්ඩ වර්ග 843ක් ආනයනය කිරීමේ දී පනවා තිබූ මුදල් ආන්තික අවශ්‍යතාව හෙවත් එම භාණ්ඩ වල සම්පූර්ණ වටිනාකමට මුදල් තැන්පතු සීමාව ඉවත් කරන බවට පසුගියදා නිවේදනය කළා.

විශේෂයෙන්ම පැවති උද්දමනය, ඩොලරයේ අගය ඉහළ යාම හා ආනයනය සීමා කිරීමත් සමග ජංගම දුරකථන ඇතුළු අනෙකුත් විදුලි උපකරණවල මිළ ඉතා සීග්‍රයෙන් ඉහළ ගියා.