Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ සිසුන් නොමඟ යයි! සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය බව පවසමින් ප්‍රශ්න පත්‍රයක් මුදලට විකුණලා!

3 years ago

සාමාන්‍ය පෙළ විභාගයට නියමිත ප්‍රශ්න පත්‍ර බව පවසමින් ව්‍යාජ ප්‍රශ්න පත්‍ර නිර්මාණය කර මුදල් ගැරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තාවන බව ලංකා ගුරු සංගමය බවසයි.

පසුගිය (31) වනදා පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසය විෂය පැවැති අතර ඊට පෙර දින සවස් කාලයේ ඉතිහාසය විෂය සම්බන්ධයෙන් ලැබෙන ප්‍රශ්න පත්‍රය බව පවසමි ව්‍යාජ ප්‍රශ්න පත්‍රයක් සිසුන්ට මුදලට විකුණා තිබිණි.

මෙය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සිදුකළ බවට ලංකා ගුරු සංගමය වෙත සාක්ෂි ලැබී ඇත.

එමෙන් ම එම ව්‍යාජ ප්‍රශ්න පත්‍රය සිසුන්ගේ වට්ස් ඇප් සමූහ වෙත යොමුකර සිසුන් අතර වේගයෙන් සංසරණය වී තිබිණි.