Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිසු හෙද හෙදියන් 3,300ක් කඩිනමින් බඳවා ගැනීමට පියවර

3 years ago

හෙද සේවාව සඳහා සිසු හෙද හෙදියන් 3316 දෙනෙක් කඩිනමින් බඳවා ගැනීම සඳහා දිවයින පුරා සියළු හෙද පුහුණු විද්‍යාලවල පහසුකම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා බලධාරීන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව 2018 – 2019 අධ්‍යයන වර්ෂයන්ට අදාළව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන්ගෙන් අයදුම්පත් කැඳවා සිදුකළ සම්මුඛ පරීක්ෂණ අනුව මුළු දිවයිනම ආවරණ වන පරිදි මෙම සිසු හෙද හෙදියන් පිරිස තෝරාගෙන තිබෙනවා.

මෙලෙස තෝරාගත් සිසු හෙද හෙදියන්ට මෙරට හෙද විද්‍යාල 16කදී පුහුණුව ලබාදීමට ද නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේමේ වනවිටත් නවක හෙද සිසු සිසුවියන් බදවා ගැනීම සදහා යම් කාලයක් ගතව ඇති නිසා එම බඳවා ගැනීම් තවදුරටත් පමා නොකර කඩිනමින් සිදු කිරිමට පියවර ගත යුතු බවයි.