ඊයේ (05) රාත්‍රී 10.49ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය නිවේදනය කළේ.
එම කර්යාංශය කියා සිටියේ රික්ටර් මාපක 2ක පමණ සුළු භූකම්පනයක් සිදුව ඇති බවයි.
මෙම භූකම්පනය කම්පන මාපකවලද සටහන්ව ඇති බව සඳහන්.
එය මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව තිබෙනවා.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම් කාර්යාංශය වැඩිදුරටත් කියා සිටියේ මෙහි කේන්ද්‍රය ලෙස පුපුරැස්ස ප්‍රදේශය හඳුනාගෙන ඇති බවයි.

