Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රණවිරුවන් සහ රණවිරු පවුල් වෙත දැනුම්දීමක්

3 years ago

ආබාධිත රණවිරුවන් සහ රණවිරු පවුල් වෙත සංශෝධිත සලාක දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව පවසනවා.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටියා.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව දැනට වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින පුද්ගලයින් සහ යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත මෙම සංශෝධිත සලාක දීමනා ලබාදීමට නියමිත බවයි.

ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසට රණවිරුවන් සහ රණවිරු පවුල් වෙතින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.