Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මින් ඉදිරියට පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී නව නීති

3 years ago

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සඳහා සකස් කළ නව රෙගුලාසි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉතිහාසයේ ප්‍රථම වරට ආබාධිත දරුවන් 2024 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට අදාළ විධිවිධානද මෙවර චක්‍රලේඛයට ඇතුළත් කර ඇත.

ආබාධිත දරුවන් වෙනුවෙන් සියයට 3%ක ප්‍රතිශතයක් වෙන් කිරීමට යෝජනා වුවද නිශ්චිත ප්‍රතිශතයක් වෙන් කිරීමකින් තොරව එම දරුවන් පාසල් සදහා ඇතුළත් කිරීම සඳහා චක්‍රලේඛයෙන් විධිවිධාන සලසා තිබෙන බවද වාර්තා වේ.

ඒ අනුව නව රෙගුලාසි සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලද වහාම 2024 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සඳහා වන අයැදුම්පත් කැඳවීමට නියමිත බවත් එම අයදුම්පත් සදහා මාසයක කාලයක් ලැබෙන බවද සදහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk හරහා එම තොරතුරු ඉදිරියේදී දැනුම්දීමට නියමිතව ඇත.