මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ මඳුරු ඝහනය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ කොළඹ මහ නගරසභා සීමාව සහ ගොතටුව වැනි ප්‍රදේශවල මදුරු ඝහනය අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බවය.
මදුරු ඝනත්වය ගණනය කරන ජාත්‍යන්තරව පිළිගත් (Breteau Index) බ්‍රිටෝ ඉන්ඩෙක්ස් අගය කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල පස් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරයා පැවසීය.
ඔහු පැවසුවේ සාමාන්‍යයෙන් බ්‍රිටෝ ඉන්ඩෙක්ස් අගය තිබිය යුත්තේ 5%ක අගයක වුවත් එය ඇතැම් ප්‍රදේශවල 25%ක අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
ඒ හේතුවෙන් ජූනි මාසේ අග වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ අධි වසංගත තත්ත්වයක් දක්වා වැඩිවීමේ අවදානමක් තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව ඉදිරි කාලයේ දී ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ඉහළ ප්රවනතාවයක් තිබෙන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
